Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය

සංවිධාන පසුබිම

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන කළ බලය බෙදීම යන්නෙන් අදහස් කෙරෙනුයේ දේශපාලනමය සහ පරිපාලන තීරණ ගැනිමේ බලතල මධ්‍යම ආණ්ඩුවේ සිට පහළ මට්ටමේ තේරාපත්කරගත් ආයතන වෙත පැවරීමයි. බලය බෙදීමට අදාළ නිත්‍යනුකූල ලියකියවිලි වනුයේ,

  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහ තුන්වන සංශෝධනය.
  • 1987 අංක 42 දරන පළාත් සභා පනත.

ඒ අනුව, 1987 නොවැම්බර් මස 14 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සහ 1987 අංක 42 දරන පළාත් සභා පනත සම්මත කර ගන්නා ලදී. 1988 පෙබරවාරි මස 03 වැනි දින නියෝගයක් මත පළාත් සභා නවයක් පිහිටුවන ලදී. පළමු පළාත් සභා මැතිවරණය 1988 අප්‍රේල් මස 28 වැනි දින උතුරු මැද, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වල දී පැවැත්විණි. මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත් සභා වෙනුවෙන් වූ පළාත් සභා මැතිවරණ 1988 ජුනි මස 02 වැනි දින පැවැත්විණි. පළාත් සභා පිහිටුවා ඇත්තේ ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යාමට ය.


එතැන් පටන් අපි අපේ ගමන ආරම්භ කළ අතර මැතිවරණ කිහිපයක් පැවැත්වීමු. ප්‍රධාන ඇමතිවරු පළාත් සභා අරමුදල් කළමනාකරණය කිරීමට සහ පාලනය කිරීමට සහාය ලබා දෙමින් පළාත්සභාවල භාණ්ඩාගාර ‍වශයෙන් කටයුතු කළහ. අපි මේවන විට රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව වසර 20 ක විශිෂ්ටත්වයක් ලබා ඇත්තෙමු.


මේ සම්බන්ධයෙන් ඌව පළාත් සභාව පිහිටුවන ලද අතර මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව පළාත් සභා භාණ්ඩාගාරය ලෙස සලකනු ලැබේ. ආරම්භයේ දී මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රධාන ලේකම් කාර්යාලයේ අංශයක් ලෙස පවත්වාගෙන යන ලද අතර 2002 වර්ෂයේදී ශීර්ෂ අංකයක් සහිත වෙනම දෙපාර්තමේන්තුවක් බවට පත් විය.
 

 

 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය